Tuesday, October 22, 2013

යමහල්

යමහල් යනු පෘතුවි අබ්යන්තරේ සිට පෘතුවි පෘෂ්ටය තුලට පිටතට විදාරණය වීම යමහල් ක්‍රියාකාරිත්වය ලෙස සැලකේ. මෙය ගන, ද්‍රව, වායු, ලෙස තුන් ආකාරයෙන් විදාරණය වේ.

ගන :- පාෂාණ
ද්‍රව :- ලවා, ජලය
වායු :- හයිට්‍රජන්, කාබන්ඩයොක්සයිඩ්, සල්ෆර්

පෘතුවි මතුපිට අබ්යන්තරයට යන විට,

පෘතුවි පෘෂ්ටය >> ප්‍රවරණය ( 5000 *C ද්‍රව ස්වාබවයෙන් පවතී, එනම් මැග්මා ආකාරයෙන්) >>බාහිර හරය >> අබ්යන්තර හරය

තැටි මායිම් ආශ්‍රිත අස්ථාවර කලාප ඔස්සේ පෘතුවි පෘෂ්ටයට හෝ ඉන් පිටතට විදාරණය වීම සිදු වේ.

යමහල් කොටස් 2කි.

01. ආක්‍රාන්ත යමහල් ක්‍රියාවලිය
02. නිශ්ක්‍රාන්ත යමහල් ක්‍රියාවලිය

ආක්‍රාන්ත යමහල් ක්‍රියාවලිය යනු පෘතුවි අබ්යන්තරයේ සිට විදාරණය වන මැග්මා පෘතුවි පෘෂ්ටයේ පාෂාණ ස්ථාවරව පවතින හිඩැස් අතරේ මැග්මා සිසිල් වී ගන වීම ආක්‍රාන්ත යමහල් ක්‍රියාවලිය ලෙස හදුන්වයි.

නිශ්ක්‍රාන්ත යමහල් ක්‍රියාවලිය යනු පෘතුවි අබ්යන්තරයේ සිට විදාරණය වන මැග්මා පෘතුවි පෘෂ්ටයේ අස්ථාවර තැටි මායිම් ඔස්සේ පෘතුවි පෘෂ්ටයේ මතුපිටට විදාරණය වී සිසිල් වී ගන වීම නිෂ්කරන්ත යමහල් ක්‍රියාවලිය ලෙස හදුන්වයි.

0 අදහස්:

Post a Comment

ඔබට හිතෙන අදහස් එකතු කරලා යන්න.