කෙටි කතාව යනු කුමක්ද ?
- කෙටි කතාව විශ්ව ව්‍යාප්ත සහිත්‍යන්ගයකි.
- නවකතාව කල මාද්‍යයක් ලෙස විකාශනය වීමේ දී ඇති වූ අතුරු ප්‍රතිපලයක් ලෙස කෙටි කතාව ප්‍රබවය වී යැයි සැලකේ. කෙටිකතාව පැරණි කතා කලාවේ ක්‍රමික විකාශනයේ ප්‍රතිපලයක් ලෙස ද, පිළිගැනේ. කෙසේ නමුත් එය පරිසමාප්ත සාහිත්‍යංගයක් බවට පත් වුයේ 19 වන සියවසේ අග බයේ සිටය
- කෙටිකථා කලාවේ අරම්බක වකවානුවේ දී එම කතා හැදින්වුයේ දල සටහන්, කතා, උපදේශක කතා, ලිපි, ලුඩ්විග්ටියෙන් චිත්‍ර යන නම් වලිනි.
- එඩ්ගා ඇලන්පෝ, නතනියල් හොර්තන්, ගීද මෝපසාන්, ඇන්ටන් චෙකොප් යන ලේකක්යන්ගේ නිර්මාණ හේතු කොට කලාත්මක ලෙස කෙටිකථා කලාව ගොඩ නැගුණි. මේ අතරින් කෙටිකථා කලාවේ ආදී කතෘ ලෙස සලකනු ලබන්නේ ප්‍රංශ ජාතික ගීද මෝපසාන් ය.
කෙටිකතාව පිළිබද අදහස් හා නිර්වචන
- "කෙටිකතන්ගයෙන් ප්‍රකාශ කෙරෙන් අදහසක් කතා කරුවා තුල කතාව රචනයට පෙර තිබිය යුතුය. ඒ අදහස සම්බන්ද නොවන එකම වචනයකුදු මුළු රචනයේ කිසිම තැනක නොතිබිය යුතුය.මෙය වූ කලි නවකතාවේ දී බලාපොරොත්තු විය හැක්කක් නොවේ. එහෙත් කව්‍යයේදී මෙන්ම කෙටිකත්වේ දී වුවනාවට වඩා සංශිප්තබවය අනුච්ත ය. එසේම කෙටිකතාවක් වුවමනාවට වඩා දීර්ග කල යුතු නොවේ.
-එඩ්ගා ඇලන්පෝ-
- "කෙටිකතාව වූ කලි අනෙක් සිද්දීන් අබිබවා සිටින එක ප්‍රබල සිද්දියක් සහ ඉස්මතු වී පෙනෙන එක ප්‍රබල චරිතයක් ආවරණය කරන්න වූ ද , එකට කැටිව සිටින කතා වින්‍යසයකින් යුක්ත වූ ද, මන අවයව සන්විදනයක් අත්තවුද, එකත්වයෙන් යුක්ත දාරනාවක් ඇත්තාවූද, කෙටි කල්පිත අක්‍යනයකි.
-ජෝසෆ් බර්ග් එසන්වින්-
- බර්ග් එසන්වින් කෙටි කතාවක් ලෙස නොසලිකිය හැකි ලේකන 6ක් දක්වයි.
- කෙටි කතාව සංශිප්ත නවකතාවක් නොවේ.
- එය උපක්‍යනයක් නොවේ.
- එය කෙටුම්පතක් හෝ දල වචනයක් හෝ නොවේ.
- එය චරිත කතාවක් නොවේ.
- එය හුදු චරිතලේකනයක් නොවේ.
- එය කාන්තාරයක් නොවේ.
- "ජිවිතේ අංශු මාත්‍රයක් (slice of life) නිරුපනය කරන කල මාද්‍යය කෙටි කතාව වේ.
-ඇන්ටන් චෙකොප්-
- "මට වැටහෙන පරිදි කෙටිකතාවක් නවකතාවක් අතර වෙනස රද පවතින්නේ දාරනාව පිළිබද ප්‍රශනය උඩය. කෙටිකතාව එක ප්‍රබල දාරනාවක් ඉදිරිපත් කරයි. එහෙත් විස්තෘත අත්දැකීම් නිරුපනය කරන නවකතාවක් තුලින් දාරනා රාශියක් ඉදිරිපත් කරනු ලැබේ.
-විමල් දිසානායක-
- '' කෙටිකතාව වූ කලි එක මුලික චරිතයක් හෝ චරිතාංගයක් හෝ මුලික සිද්දියක් හෝ මුලික උද්වේගකර අවස්ථාවක් හෝ නිරුපනය කරන සහිත්‍යන්ගයකි, යනු සාමාන්‍ය පිළිගැනීමයි''
-ඒ.වී. සුරවීර-
- ''ජිවිතයේ සමීප රුපයක් ලබා දෙනුයේ කෙටිකතාවය''
-දයාසේන ගුණසිංහ-
- කෙටිකතාව හදුන්වා දීමට පෙලබුනු මාර්ටින් වික්‍රමසිංහ වහල්ලු කෙටිකථා සංග්‍රහයේ ප්‍රස්තවනාවෙහිලා පහත සදහන් සියලුම රචනයන් කෙටිකථා ලෙස සැලකිය හැකි යයි පවසා ඇත.
- එක සිදුවීමක් මුල් කොටගෙන රචිත කතාව.
- චරිතාංගයක් නිරුපනය සදහා ලියන ලද ආක්‍යකිකාව.
- සිදුවීම් කිහිපයක් ඇසුරෙන් රචිත කතාව.
- කිසියම් අවස්ථාවක මිනිසෙකුගේ සිතට නැගුනු හැගීමක් විවරණය කරනු සදහා කරන ලද රචනය.
- කෙනකුගේ යම් සිතෙහි සැගවුණු හැගීමක් හෙළි කෙරෙන විවරණය.
- උපහාසය හා මයා කතාව.
- මාර්ටින් වික්‍රමසිංහයන්ට අමතරව කේ ජයතිලකයන් සත්වැනි කරුණක් දක්වා ඇත.
7 කිසියම් සමාජ තත්වය බින්දු මාත්‍රයක් විදහා පන කතාව.
- බොහෝ විචාරකයන් ප්‍රමාණයෙන් කුඩා කතාව කෙටිකථා ලෙස හැදින්වීමට ද යත්න දරා ඇත.
කෙටිකතාවක් යනු කවාකාරයේ සාහිත්‍යංගයක් දැයි හැදින්වීම පිණිස විචාරකයන් වැයම් කර ඇත. එතෙක් මේ සාහිත්‍යාංගය තුල විවිද සුවිශේෂතා හදුනා ගත හැක. එමෙන්ම කෙටිකතාව විසිවන ශතවර්ෂයේ මුල් දශක කිහිපයෙන් පසු විවිද මාර්ග ඔස්සේ දියුණු වන්නට පටන් ගෙන තිබේ එබැවින් කෙටිකතාවේ මුල්බැස ගත ලක්ෂණ විග්‍රහ කිරීම හෝ ඊට නිර්වචන සැපයීම සාර්ථක ප්‍රතිපල ලැබිය හැකි උත්සහයක් නොවේ.
0 අදහස්:
Post a Comment
ඔබට හිතෙන අදහස් එකතු කරලා යන්න.