Wednesday, September 18, 2013

භුගොල විද්‍යාව (ජනාවාස)

ජනාවාස 

ජනාවාසයක් යනු පාරසරික කටුක බැවින් මිදීමටත් වන සතුන්ගෙන් හා සොර සතුරන්ගෙන් ආරක්ෂාවීමට සාදා ගන්නා ඒකකය ජනාවාසයක් යනුවෙන් හදුන්වයි.

ජනාවාසයක මුලිකාංග

ජනාවාසයක මුලිකාංග 5කි.


  •       මිනිසා
  •            සමාජය
  •                 දැලිස්
  •                     ආවරණ
  •                         පරිසරය


ජනාවාස වර්දනයේ අවස්ථා

1. ආදී ශිලා යුගය > ගල් ගුහා > ගස් බෙන
2. සංචාරක එඩේර කර්මාන්ත > අර්ද නිවාස (කුඩාරම්)
3. නව ශිලා යුගය > ඉස්තිර නිවාස (ගොවිතැන, සත්ව පාලනය)
4. දියුණු නගර බිහිවීම කි,පු 4000-3500 අතර
   * මෙසපොතෙයානු ශිෂ්ටාචාරය - ඉරසු
   * ඉන්දුනිම්න ශිෂ්ටාචාරය - මොහන්දජරෝ හරප්පා
5. 17 වන සියවස (1750-1850) කාර්මික විප්ලවය ( නාගරික විප්ලවය යනුවෙන්ද හදුන්වයි. රැකියා සොයා නගරවලට ඇදි එම නිසා)
6. 20 වන සියවසේ සිට අද දක්වාම
   * පුරවර
   * නාගරික සමුහිත
   * නගර යාය
         

                                                 



ජනාවාස වර්ග

ජනාවාස වල පවත්නා විවිද ලක්ෂණ පදනම් කර ගෙන

  1. ග්‍රාමීය ජනාවාස
  2. නාගරික ජනාවාස 
ග්‍රාමීය 
  • ආර්ථික කුශිකර්මන්තය වටා ( දීවර, ගොවිතැන්, සත්ව)
  • ආර්ථික කටයුතු හින නොවීම
  • ඇතැම් අය දිවිතික, ත්ව්තික අංශයේ රැකියාවල 
  • බිම් ප්‍රදේශ 2කි. ඉදිකළ හා ආර්ථික ප්‍රදේශ යනුවෙනි
  • තාවකාලික හා අර්ද නිවාස. වර්තමානය වන විට එය අඩු වී ඉස්තාවර නිවාස ඇත 
  • ජන සන්කයව හා ජන ගණත්වය අඩු අතර නිවාස අතර බෞතික දුර වැඩිය
  • සාමාජික සම්බන්දතා වැඩිය
නාගරික
  • අදික ජනසංකයාවක් ඇත
  • කාර්මික මුල් කරගෙන ඇත. කර්මාන්ත හා සේවා අංශයේ රැකියා වල බහුතරයක් ඇත.
  • අද්‍යාපන, සෞක්‍ය, මාර්ග ජාල, යටිතල පහුසුකම්, වරයා, මුල්‍ය ආයතන, ඉදිකළ ප්‍රදේශ, විශාල ගොඩ නැගිලි අසීමිතව ඇත 
  • විවිද වූ ජනවර්ග ඇත. විවිද ආගම් ඇත.
  • නිවාස අතර බෞතික දුර අඩුය 
  • සමාජ සම්බන්දත අඩුය 
  • රැකියා සදහා දෛනික සංචලතා වැඩිය 
ගැමිරික

  • ග්‍රාමයත් , නගරයත් ඇති ලක්ෂණ 2ම ඇත.
  • නගරයේ රැකියාවල නිරත පිරිස් මෙහි ඇත.
  • ජන සන්කයව මදයස්ත වේ.
  • නාගරික තද බදය, පරිසර දුෂනයන්ගෙන් මිදීමට මෙහි පදිංචි වී සිටි.
ග්‍රාමීය ජනාවාස රටා 

කිසියම් ප්‍රදශයක් තුල ගොඩනැගිලි පැතිරී තිබෙන රටාවන් අනුව හදුනාගන්නා රටාවන්ය.

1. ආකිර්ණ හෙවත් නයෂ්ටික ජනාවාස (පොකුරු)
  • කිසියම් සිද්දියක් යටතේ ගොඩනැගිලි ඒකරාශී වී තිබීම.
  • දකුණු හා අග්නිදිග ආසියානු රටවල වැඩිපුර දක්නට ඇත 
  • ලංකාවේ මහවැලි ජනාවාස 
2. විකිරණ ජනාවාස 
  • ඉතා විශාල තනි පුත්ගල වගා බිම් ආශ්‍රිත වියාප්ත ඇත.
3. රේකිය ජනාවාස 
  • මහා මාර්ග, ඇල මාර්ග, ආදිය වටේ එක පෙලට විහිදී ඇති ජනාවාසයන්.
4. හුදකලා ජනාවාස 
  • ඇමසන්, කොංගෝ වනාන්තර ආශ්‍රිත, ස්ටෙප්ස් තෘණ බිම් ආශ්‍රිත හුදකලාව පිහිටුවා ගත ජනාවාස.
5. සැලසුම්ගත ජනාවාස.
  • නාගරික තදබදයට විසදුමක් වශයෙන් නගරයෙන් පිටත හෝ ඇතුලත ඉදිකළ ජනාවාස (මහල් ගොඩනැගිලි, රජයේ ගොඩනැගිලි)
6. මංසන්දි ජනාවාස 
  • පාරවල් කිහිපයක් එක්වන තැන ඉදිවන ජනාවාස.
ග්‍රාමීය ජනාවාස වලින් නගර වෙනකොට හදුනාගැනීමේ නිර්ණායක 
  1. ජන සන්කයව හා ජන ගණත්වය
  2. ආර්ථික කටයුතු / සේවා පහසුකම්
  3. කාර්යමය විවිඩත්වය
  4. මාර්ග දැලිස් 
  5. පරිපාලන කාර්ය මිනුම් දඩු 
එහෙත් බොහෝ රටවල් වලට එක සමාන නොවේ. බොහොමයක් රටවල මෙයින් ජන සන්කයව හා පරිපාලන කාර්ය මිනුම් දඩු බාවිතා කර හදුනා ගනී 

ජන සන්කයවක් මිනුම් දණ්ඩක් සේ යොදා ගනු ලබන රටවල සංස්කෘතික හා ආර්ථික ක්‍රියාවලිය පදනම් කරගෙන නාගරික ජනාවාසයක සිටිය යුතු අවම ජන සන්කයා මට්ටම තීරණය කරයි.


කෙසේ වුවද වර්තමානයේ නගර වර්ගීකරණය මෙසේ තීරණය කරයි.

ජනසන්කයව                                             නාගරික 

20000 අඩු                                                    කුඩාගම
20000-100000                                            මද්යම නගර 
100000-1000000                                        මහා නගර 
1000000-10000000                                    මිලියන නගර 
මිලියන 10 වැඩි                                            දැවැන්ත නගර

මෙහි පවතින විශේෂත්වය වන්නේ සංවර්දනය වෙමින් පවතින රටවල් වලට හිමිවීමයි. ලෝකයේ නගර වර්දනය වීමේදී මිලියන වැඩි නගර

1920-24
1940-41
1960-113
1980-198
මෙවයින්ද වැඩි හරියක් තුන්වන ලෝකයේ රටවල් වල නගර වරදාන ප්‍රවනතාවය ඉහල අගයක් ගනී. 1950 නාගරික කලාප 10ක් වුවද 1990 දී එය 171ක් දක්වා වර්දනය විය එයින්ද වැඩි හරියක් චීනය සහ ඉන්දියාව හිමි කර ගනී 62% ටම වග කියයි.

ලෝකයේ නාගරික අකිර්ණ

1950දි
    1. නිව් යෝර්ක් -12.3 (මිලියන)
    2. ටෝකියෝ   -11.3  "

1975දි
    1. නිව් යෝර්ක්  - 15.9 (මිලියන)
    2. ටෝකියෝ    - 26.6   "
    3. මෙක්සිකෝ සිටි - 10.7 "

2007 දී 19ක් ද එය 2025 වන විට 26කි

පරිපාලන මිනුම් දඩු පදනම් කරගෙන නගර වර්ගීකරණ රටවල්

ශ්‍රී ලංකාව, ලිබියාව, පකිස්ථානය, හයිටි, ඇමරිකාව, එල් සැල්ව ඩොරය, දොමිනියම් ආණ්ඩු ක්‍රමය, කොස්ටරකා

වෙනත් මිනුම් දඩු යොදා ගනිමින් නගර වෙන්කර ගන්නා රටවල්


ජන සන්කයාව පදනම් කර ගැනීමේදී එහි ප්‍රදාන අවස්ථා 5ක් හදුනාගත හැක.

  1. නගර
  2. පුරවර
  3. නාගරික සාමුහිතය
  4. නගර යාය 
  5. දැවැන්ත නගර
පුරවර

පුරවරයක් යනු මද්‍යයේ පිහිට ඇති ප්‍රදාන නගරය වටා උපනගරයද එය වටා ගැමිරික කලාපය පිහිටා ඇත.



පුරවරයක් නිර්මාණය වීමට බලපාන සාදක 
  • ප්‍රදනතම සාදකය වන්නේ එදා යුරෝපයේ කාර්මික කරනයයි.
  • ගම්බද රැකියා හිගය, ඉඩම් හිගය.
  • සෞක්‍ය, අද්‍යාපනය,යටිතල පහසුකම්, ප්‍රවාහන ආදී පහසුකම් සොයා ඇදි යාම.
  • ජලය, වරාය, ගුවන් තොටුපල, බැංකු, රක්ෂණ, මුල්‍ය ආයතන පිහිට තිබීම නිසා.
  • මෙම සාදක වලට අමතරව නගර මද්‍යයේ ඇති පරිසර දුෂණය, නාගරික තද බදය, ඉඩම් හිගය, ඉඩම් වල මිල ඉහල යාම ආදී සාදක නිසා මිනිසුන් උප නගර වලට සංකෙන්දරණය වීම.
  • මේ අනුව ක්‍රමයෙන් උප නගර වර්දනය වන විට ගැමිරික කලාපවලට සංක්‍රමණය වන අතර ගැමිරික කලාප වල ගැමි බව නැති කරමින් නාගරික ලක්ෂණ වැලද ගනී.
1990 දී පුරවර 366 කි. එයින් 153ක්ම ආසියාවේය.

ආසියාවේ විශාලම පුරවර ලෙස මුම්බායි, කල්කටා, ටෝකියෝ ය. වර්තමානයේදී කොලබ ද පුරවරයක ලක්ෂණ මතු කරයි.

සුවිශේෂම කරුණ වන්නේ එදා සංවර්දිත රටවල නගර නිව් යෝර්ක්, ලන්ඩන්, ටෝකියෝ නගර පරදවමින් ඉහල දැක්වූ නගර ඉදිරියට ඒමයි.

නගර සමුහිතය.

පුරවර කිහිපයක් ආසන්නව සම්බන්ද වී නගර සමුහිතයක් නිර්මාණය වේ. නගර සමුහිත වල ප්‍රදාන නාගරික කේන්ද්‍ර කිහිපයක් දක්නට ලැබේ. ඒවා satellite town ලෙස හදුන්වයි.

උදා :- ලන්ඩන්     සමුහිතය
          ලන්ශිකියාර්   "
          බර්මින් හෑන්ක්  "
          ලුවර්                 "

  • ලන්ඩන් සමුහිතය 1824 km2  පැතිරී ඇත.
  • විශාලතම සමුහිතය ලෙස සැලකෙන ලුවර් සමුහිතය 2500 km2 පැතිරී ඇත.
නගර යාය.

මෙමෙ සංකල්පය ඉදිරිපත් කලේ " jin godmaan" විසිනි. නගර සමුහිත කිහිපයක් එකට සම්බන්ද වන පරිදි නිර්මාණය වී ඇත.

විශාලම නගර යාය වොෂ් බෝෂ් නගර යයයි. එය ඊසාන දිග ඇමරිකාවේ වොෂින්ටනයේ සිට බෝශින්ටනය දක්වා 750 km දිගට විහිදී ඇත.

ඇමරිකාවේ ඇති චිප්ස් නගර යායද දැක්විය හැක. එය චිකාගෝ සිට පීටර්ස් බර්ග් දක්වා වියාප්තව ඇත.

4 අදහස්:

ඔබට හිතෙන අදහස් එකතු කරලා යන්න.